Advanced Certificate Course in AutoCAD

Madujith Sagara
Engineering
course image

AutoCAD කියන්නේ ඉතාම බහුල වශයෙන් භාවිතා වන පරිගණක ආශ්‍රයෙන් ඇඳීම් කිරීම (computer aided drawings) සඳහා යොදා ගන්නා මෘදුකාංගයක්. හිතන්න ඔයා මොකක් හරි drawing එකක් හැඩතල යොදා ගෙන අඳිනවා කියලා, ඒ අතින් අඳින drawing (manual drawing) එකම, ඉතාම ඉක්මනින් සහ ඉතාම නිවැරදිව AutoCAD කියන software එක පාවිච්චි කරලා computer එකක ආධාරයෙන් අඳින්න පුළුවන්.

සමහරු හිතාගෙන ඉන්නවා මේ මේ AutoCAD කියන software එක පාවිච්චි කරන්න පුළුවන් engineering, architecture වගේ fields වල professionals ලා ට පමණයි කියලා. නමුත් ඒක වැරදි දෙයක්.

AutoCAD කියන software එක civil engineering, electrical engineering, electronics engineering, mechanical engineering, interior design, architecture, QS, Draughtsmenship වගේ විවිධ ශිල්ප වල දී මෙන්ම ඕගොල්ලන්ට අවශ්‍ය වන ඕනෑම ක්ෂේත්‍රයකටත් යොදාගන්න පුළුවන්.

උදාහරණයක් විදිහට ගන්න furniture design කරන කෙනෙක්, ඒ කෙනාට, එයා ඩිසයින් කරන furniture එක හරිම ලේසියෙන් AutoCAD යොදාගෙන design කරලා එයා එක හදන්න කලින් සියලුම දේවල් arrange කරගෙන ඉන්න පුළුවන්. ඒ වගේම welder කෙනෙක්ට පුළුවන් තමන් නිර්මාණය කරන welding design ඒක කරන්න කලින්ම සියලුම දේවල් සැලසුම් කරගෙන ඉන්න AutoCAD වලින්. මේ වගේ විවිධ ක්ෂේත්‍ර වලට AutoCAD කියන software එක හරිම ප්‍රයෝජනවත් ලෙස භාවිතා කරන්න පුළුවන්.

මෙතනදී විශේෂයෙන් ම ඔයා engineering, designing, architecture, QS වගේ fields වල වැඩ කරනවා නම් සහ ඒ subjects ඉගෙන ගන්නවා නම් ඔයා අනිවාර්යෙන්ම AutoCAD software එක හොඳටම දැනගෙන ඉන්න ඕනේ. ඒ AutoCAD software එක ගැන ඔයාට නිවැරැදි දැනුමක් තියෙනවා නම් ඒක ඔයාට ගොඩක් ලොකු professional qualification එකක් වෙනවා. ඊට අමතරව දැන් ඔයාට මේ කියන software එක use කරලා freelancing වගේ ක්‍රමයන් පාවිච්චියෙන් අන්තර්ජාලය හරහා මුදල් උපයන්නත් පුළුවන්.

එහෙනම් අපේ මේ AutoCAD course එක ෆලෝ කරන ඔයාට මේ කිව්ව හැම දේකටම සරිලන විදිහට AutoCAD ගැන ඉතාම හොඳ දැනුමක් ලබාගන්න පුළුවන්.

AutoCAD special course from entry-level to advanced level

This AutoCAD course contains 16 main lectures and 03 full examples. The final outcome of the course is to train a student within a structured course content from entry-level to the advanced level. This course, which is conducted in the Sinhala language is suitable for (but not limited to);

  • Just passed out A/L students
  • Engineering students and professionals
  • Architectural students and professionals
  • Quantity surveying students and professionals
  • Vaasthu students and professionals
  • Students and professionals of draughtsmanship
  • And also, anyone who wishes to learn AutoCAD

Download the Complete Course Details

Introduction video

206 students
Lessons: 18
Content : Flexible
Level Beginner